වදකයෙකු සඳහා ඇබෑර්තු ඇත 

වදකයෙකු සඳහා ඇබෑර්තු ඇත 

බන්ධනාගාරයේ වදක තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන්ට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වුවත්  2015 වසරේදීද  වදක තනතුර සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු බඳවාගැනීමට කටයුතු කෙරුණද ඔවුන් එම තනතුර අත්හැර යාම හේතුවෙන් මේ වන විට වදක  තනතුර පුරප්පාඩු වී පවතියි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් එම ජාවාරම්වලට පුළුල් වශයෙන් සම්බන්ධ වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක  කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර සිටියේ පසුගිය 11 වනදා මහනුවර ගැටඹේ  පැවති උත්සවයකදීය.

බ්‍රිතාන්‍ය පාලන ස‍මයේ සිට 1975 වර්ශය දක්වා මෙරට තුළ බරපතල අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණු අතර 1975 නොවැම්බර් 22 වැනිදා සිට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය.

වර්තමානය වනවිට දිවයිනේ සියලු බන්ධනාගාරවල මරණ දඩුවම නියම වූ පුද්ගලයින් 1248 දෙනෙක් රඳවා ඇති අතර ඉන් අභියාචනා ඉදිරිපත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 874කි.

ඒ අතරින් 17 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරු වී මරණ දඩුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබේ.

ලෝකයේ රටවල් 57ක් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර  ක්ෂමා ආයතනයේ  සවිස්තර වාර්තාවට අනුව 2016 වසරේ ලොව වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් ක්‍රියාවට නගා ඇති රට චීනයයි.

ඉන් අනතුරුව ඉරානය ,සෞදි අරාබිය , ඉරාකය ඉහළ වාර ගණනක් මරණ දඩුවම ක්‍රියාත්මක කළ රටවල් අතර වේ.

මේ අතර මෙරට තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය  සඳහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කවර හෝ සැලසුමක් වේ නම් ශ්‍රී ලංකාව එය හකුලා ගත යුතු බවයි.

සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් එම ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ කෘර මෙන්ම ආපසු හැරවිය නොහැකි දඬුවම් ඉවතලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරා රැකගෙන ඇති සාධනීය වාර්තාව ඉදිරියටත් රැකගත යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න