ගංජා නඩුවකට  : සුසිල් ප්‍රේමජයන්ත අධිකරණයට 

ගංජා නඩුවකට  : සුසිල් ප්‍රේමජයන්ත අධිකරණයට 

විදේශයක සිට වෙළඳ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කන්ටේනරයක සඟවා කේරළ ගංජා ග්‍රෑම් 60ක් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයකු බව කියන සැකකරුවකු වෙනුවෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙනී සිට තිබේ.

වැල්ලවත්තේ පදිංචි සුගනේෂන් මිතිලන් නැමැත්තෙකු වෙනුවෙන් මෙසේ පෙනී සිට ඇති අතර ඔහු වෙනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක මහතා ද පෙනී සිටීම විශේෂ සිද්ධියකි.

සුගනේෂන් වෙනුවෙන් පෙනී සිටි මොවුන් දෙදෙනාම අධිකරණයට දන්වා ඇත්තේ චෝදනාවට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන්කර ගැනීමට කැමැති බවයි.

ඒ අනුව මේ නඩුව ලබන 17 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න