නීතිපති සැරටම නිදි ?

නීතිපති සැරටම නිදි ?

ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කළ වාහන නිසි පරිදි නැවත භාර නොදී අස්ථානගත කළ බව කියන සිද්ධියේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් ද වාස් ගුවර්ධන ඇතුළු හතර දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පසුගියදා නියෝග කර ඇත.

2015-01-14 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි කොටුදුරගේ රන්ජිත්  සිදු කළ පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනවලට අනුව සිද්ධියේ නඩු ගොනුව උපදෙස් සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාට යොමු කර ඇත. 
 
මේ සිද්ධියට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 555ක් පමණක් ලේඛනගතව ඇති බවත් ඉන් 152ක් අස්ථානගත වී ඇති බව ද දන්වා ඇති අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා භාවිත කළ වාහන 309ක් භාර දී ඇති බව ද දන්වා ඇත. 
 
එහෙත් ලබා ගත් සාක්ෂි  සහ සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වාහන 747ක්, ආරක්ෂක කටයුතු සඳහා වාහන 182ක්, රාජ්‍ය නිවේදන කටයුතු සඳහා 19ක් යොදවා ඇති බවට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති අතර ලේඛන ගතව ඇති වාහන විශාල ප්‍රමාණයක විස්තර ඇතුළත්ව නැති බව ද අධිකරණයට දන්වා ඇත. 
මේ සිද්ධියට අදාළ දෙවන සැකකරු වන මොහොමඩ් ඉස්මයිල් අහමඩ් කබීර් නමැති අය විදේශ ගත වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ දෙකක ඥාතියකුගේ ශරීර ඇපයක් මත ඔහුට විදේශගත වීමට අවසර ලබාදී තිබේ.

එම සිද්ධියේ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත සිටින හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධයක්ෂවරයකු ‍ලෙස කටයුතු කළ කීර්ති දිසානායක සමරසිංහ, මොහොමඩ් ඉස්මයිල් අහමඩ් කබීර්, දිසානායක, සුදත් අබේසිංහ, හිටපු අධීක්ෂණ මන්ත්‍රි සචින් ද වාස් ගුණවර්ධන යන අය නම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න