මංගල SORRY කියයි !

මංගල SORRY කියයි !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධව  පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරුදීමේදී  සමාජයේ සුබසාධනවාදීන් ලෙස පෙනී සිටින අතරතුර විවිධ සමාජ සංවිධානවල හා ආගමික සංවිධානවලට අයත් පුන්‍යායතනවල උසස් තනතුරු දරමින් තමන්ගේ මත්ද‍්‍රව්‍ය ව්‍යාපාරවල පව් වසා ගන්නා පුද්ගලයින් ද සමාජයේ සිටින බවට  සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කිසියම් පාර්ශවයකට  සිත් රිදවීමක් ඇති වූයේ නම් සමාව ඉල්ලා සිටින බව මුදල් හා  ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර  අදාළ  අවස්ථාවේදී වැරදීමකින් රොටරි සහ සිංහ සමාජ පිළිබඳව තමන් කළ සඳහන් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ද අමාත්‍යවරයා අන්දහන් කර ඇත.

එසේම  විවිධ යටි අරමුණු ඇතිව සමාජ සේවා සංවිධානවලට බැඳෙන සමහර පුද්ගලයින් සිටින බව නොරහසක්  බවත් නමුත්  සමාජ සේවා සංවිධානවලින් රට පුරා සිදු කරන පොදු සත්කාර සේවා එවැනි තනි පුද්ගලයින් නිසා කිසිසේත්ම හෑල්ලුවට ලක්නොවන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද , එම සංවිධානවලින් දුප්පත්, අසරණ සහ විශේෂ අවධානයක් යොමු විය යුතු පුද්ගලයින්ට සුවිශාල සේවාවක් සිදුවන බව තමන් පිළිගන්නේ යැයි ද අමාත්‍යවරයා සිය නිවේදනයේ  සඳහන් කරන අතර තමන්  මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බවද  සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න