අළුත්ම අනාවරණයෙන් මහින්ද හිරවෙයි : NYT අනාවරණය තහවුරුයි  !

අළුත්ම අනාවරණයෙන් මහින්ද හිරවෙයි : NYT අනාවරණය තහවුරුයි  !

තම සමාගම සම්බන්ධව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සිදුකළ අනාවරණය සාවධ්‍ය බව චයිනා හාබර් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එහෙත් සන්ඩේ ටයිම්ස් පුවත්පත චෙක්පත් හතරක් සම්බන්ධව තොරතුරු අනාවරණය කර ඇති අතර ඒ හරහා තහවුරු කර ඇත්තේ  රුපියල් ලක්ෂ 25 බැගින් වු මුදල් අනකර 4 ක් මගින් ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හරහා 2015. ජනවාරි 6 දින හා 7 වන දින වන විට තුන්වන පාර්ෂවකරැවන් අතට පත් කොට ඇති බවය.

බැලුබැල්මටම මෙය  චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමේ ක්‍රියාවක් බව අවිවාධිතය. එසේ නම් මෙම මුදල් ලබා දුන්නේ කාටද යන්න පැහැදිලි කිරිමේ නෛතික හා සමාජිය වගකිමක් එම සමාගමට පවතින්නේය. එසේම එම මුදල් තමන් හෝ තමන් ගේ නියෝජිතයකු ලබා නොගත්තේ යයි තහවුරැ කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද වගකීම වන්නේය.

නමුත් එම පාර්ශව දෙකම "පුවත සාවධ්‍ය" බව පමණක් සඳහන් කර නිහඬවීම බරපතළ සැකසංකා මතුකරන කරුණක් බව මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයන්ද සඳහන්කර සිටියි.

ඒ බව පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කර සිටින්නේ, අදාළ චෝදනා හුදු සරල චෝදනා නොව චෙක්පත් අංක සහිතව දින වකවානුද ඇතිව ඉදිරිපත් කර තිබෙන බවය. එසේම ඊට අදාළ බැංකු සහ ගිණුම් සම්බන්ධව අනාවරණය කර ඇති බැවින්  එල්ලවී තිබෙන චෝදනා බරපතළව භාර ගැනීම දෙපාර්ශවයේ යුතුකමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් සමාගමක් සම්බන්ධව මෙවැනි චෝදනාවක් ඉදිරිපත්වූ විට එකී සමාගම ක්ෂණික මැදිහත්වීමක් සිදුකර තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සහ චෝදනා ලබා ඇති අනෙක් පාර්ශවය දැනුවත්කොට එකී චෝදනාවෙන් නිදහස්වීමට උත්සහ දරන නමුත් මේ අවස්ථාවේ චයිනා හාබර් සමාගමේ හැසිරීම තුළ එවැන්නක් දක්නට නොමැති බවද ඔවුන් සඳහන් කරයි.

එසේම හිටපු ජනාධිපතිවරයෙකු ලෙස ලක්ව ඇති මේ චෝදනාව පෙන්නුම් කරන්නේ චීන සමාගමක් එම රටේ ජනාධිපතිට ඩොලර් මිලියන 7.6 ක ලංසුවක් නියම කිරීමක් බැවින් ඔහුට පමණක් නොව සමස්ථ රටම අපකීර්තියට පත්වන චෝදනාවක් මෙතන ඇති බවත් එවැනි පසුබිමක අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග හරහා එයින් ගැලවීම හිටපු ජනාධිපති මහින්දට පමණක් නොව රටටම වැදගත් බවද මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි. 

එහෙත් මේ හමුවේ හිටපු ජනාධිපති අන්ත අසරණවී ඇති බවක් ඔහුගේ හැසිරීම තුළ පෙන්නුම් කරන බවත් චයිනා හාබර් සමාගමේ අතීත හැසිරීමද සළකන කළ බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධව පැහැදිළි සැකයක් තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න