අර්ජුන් මහේන්ද්‍රන් නිසා පර්සි මහේන්ද්‍ර බේරුණු හැටි .........

අර්ජුන් මහේන්ද්‍රන් නිසා පර්සි මහේන්ද්‍ර බේරුණු හැටි .........

ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස 30 වැනිදා දක්වා අදාළ චෙක් පත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැවැත්වූ පරීක්ෂණයක් එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නියමයෙන් අත්හිටුවා ඇති බව අනාවරණය වේ.

ඩී.එම්.එස්. දිසානායක නම් රුක්මලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එම චෙක්පත් මාරු කර මුදල් ලබාගෙන තිබේ. තොරතුරු හෙළි වන ආකාරයට මෙම තැනැත්තා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ සිටි සමයේ තම රාජකාරි කටයුතු සඳහා නිල වශයෙන් යොදාගත් අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට අනියුක්තව සිට ඇත. අංක 0000001062, 0072978269, 0000001368 සහ 0000000305 දරන ජංගම ගිණුම් මගින් අදාළ චෙක් පත් 05 නිකුත් කර තිබේ.

එම ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක් පත් සහ ගෙවා ඇති මුදල් පිළිබඳ විස්තරය මෙසේය.

272759 දරන චෙක්පත මඟින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් (රු. 25,000,000), 723605 දරන චෙක්පත මගින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් (රු. 25,000,000), 279595 දරන චෙක්පත මගින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් (රු. 25,000,000), සහ 248370 චෙක්පත මගින් රුපියල් කෝටි තුනක් වශයෙන් ගෙවීම් කර ඇත.

වත්මන් හවුල් ආණ්ඩුව බලයට පැමිණි වහාම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ තොරතුරු මත මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් මහ බැංකුව මගින්ද ආරම්භ කර තිබී ඇති අතර 2015 ජුනි පමණ වනවිට එම පරීක්ෂණ කටයුතු මහ බැංකුවේ එවකට සිටි අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බලපෑම මත අත්හැර දමන ලද බව වැඩිදුරටත් අනාවරණය වේ.

රුපියල් එකලොස් කෝටි පනස් ලක්ෂයක් (රු. 115,000,000) වූ මෙම චෙක්පත් මාරු කිරීම පිටුපස මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් පවතින බව තහවුරු වී තිබියදී, අර්ජුන් මහෙන්ද්‍රන් විසින් එම පරීක්ෂණ අත්හැර දැමීමට නියෝග කර තිබීම විශේෂත්වයකි.

ලංකා ඉරිදා සංග්‍රහය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න