ශෂීන්ද්‍ර විපක්ෂයට !

ශෂීන්ද්‍ර විපක්ෂයට !

ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක සහ සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් අද (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

ඉදිරියේදී ඔවුන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමට නියමිත බව පැවසේ.

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 18 වැනිදා තඹුත්තේගමදී සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමට ඔවුන් මෙසේ විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

දසනායක මහතා පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඌව පලාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිටියද මෙම මන්ත්‍රීවරුන් ස්වාධීනව ක්‍රියාකිරීමේ තීරණය වෙනසක් කොට නැති බව වාර්තා වේ.

එමෙන්ම ඌව පලාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මහ ඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පෑමක් ලෙස කළු පටි බැද සභාවාරයට සහභාගී සිටි බවද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න