අගමැතිගේ නමත්  කැත කළ   : සංචාරක අධිකාරියේ උපාලිගේ වෛරය 1

අගමැතිගේ නමත්  කැත කළ   : සංචාරක අධිකාරියේ උපාලිගේ වෛරය 1

යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ නම් සඳහන් කරමින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක විසින් සිය නිලය යොදාගෙන පෞද්ගලික පළිගැනීම්වල නිරත වන බව දැනගන්නට ඇත.

ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වාදීම වෙනුවෙන්  අද (30 ) සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු කිරීමට නියමිත උත්සව අවස්ථාව පදනම් කරගෙන සිදුකර ඇති නින්දිත කටයුත්තය.

අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචිමාර්ගවලට අනුව එම සිදුවීම මෙසේය.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවකට අනුකූලව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර එහි සමාරම්භක උත්සවයේ නිවේදක කාර්ය සඳහා යෝජනාවී තිබී ඇත්තේ ද්වී භාෂා නිපුනත්වයෙන් හෙබි දක්ෂ නිවේදකයකු මෙන්ම සංචාරක ව්‍යාපාරය පිළිබඳවත් මනා දැනුමක් ඇති මහේෂ් සේනානායක මාධ්‍යවේදියාය.

ඒ සඳහා ඔහුව යෝජනා කර ඇත්තේ මෙම  උත්සවයේ නිල සංවිධාන කටයුතු සිදුකරන සැලසිනේ ආයතනය විසින් ය. 

මහේෂ් සේනානායකව යෝජනා කළේ සැලසිනේ 

එහිදී සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සැලසිනේ ආයතනය  උත්සවයේ සංවිධාන  කටයුතු සම්බන්ධව අවශ්‍ය අනුමැතිය  උත්සවයට අදාළ වගකිව යුතු  ආයතන වෙතින් ලබාගෙනද ඇත. ඒ අනුව  ලංකා සංචාරක අධිකාරිය ඇතුළු ආයතන උත්සවයේ නිවේදන  කටයුතු සඳහා   සැලසිනේ ආයතනය නම් කළ මහේෂ් සේනානායක ඊට සුදුසු බව පිළිගෙන ඇත.

ඒ අනුව උත්සවයේ කටයුතු සියල්ල සූදානම්ව තිබියදී සැලසිනේ ආයතනය විසින් අද (30) පෙරවරුවේ එම ආයතනයේ නිලධාරියෙකු සමඟ මහේෂ් සේනානායකව  ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය වෙත යවා ඇත්තේ උත්සවයට අදාළ නිවේදන කටයුතු වල අත්‍යාවශ්‍ය කරුණු කාරනා කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීමටය.

හදිසියේ පැමිණි ඇමතුම 

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායකද සිටින  එම සාකච්ඡාව සාර්ථකව අවසන් වන අතර   සවස 5.00 ට පැවැත්වෙන උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එකිනෙකාට සුභපතා ගැනීමෙන් අනතුරුව පිරිස විසිරගොස් ඇත.

අගමැතිටයි කාවන්ටයි ප්‍රශ්නයක් ලු : බලන්නකෝ මහේෂ් 

පසුව උත්සවයට පැය කිහිපයක් තිබියදී  ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක විසින් මහේෂ් සේනානායක මහතා අමතා දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එහිදී උපාලි සඳහන් කර ඇත්තේ අදාළ උත්සවයේ නිවේදන කටයුතු වලින් මෙහේෂ් සේනානායක ඉවත්කරන ලෙස තමන්ට ඉහළ නියෝගයක් ලැබී ඇති බවය.

උත්සවයට පැය කිහිපයක් තිබියදී ලැබෙන මේ ඇමතුමෙන් විමතියට පත්වන මහේෂ් මහතා ඒ ගැන වැඩි විස්තර විමසා ඇති අතර එහිදී උපාලි සඳහන් කර ඇත්තේ අදහාගත නොහැකි කතාවක්ය.

නම් මෙම උත්සවයේ නිවේදන කටයුතු සඳහා මහේෂ් සේනානායක සහභාගී කර ගැනීම යහපාලන ආණ්ඩුවට අපකීර්තියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා ඇති බවත් එහි දැඩි බලපෑම නිසාම සංචාරක අධිකාරියේ සභාපති කාවන් රත්නායක (අමාත්‍ය සාගල රත්නායකගේ සහෝදරයා ) තමන් අමතා කිසිසේත් මහේෂ්ට මෙම අවස්ථාව ලබා නොදෙන ලෙස දැන්වූ බවය. එසේම කාවන් මහතා කියන ස්වභාවය අනුව අගමැතිවරයාගේ සෘජු උපදෙස් ඊට ලැබී ඇති බවක් පෙනීයන බවත් එහෙයින් මහේෂ්ව එම නිවේදන කටයුත්තෙන් ඉවත් කරන ලෙස තමන් සැලසිනේ ආයතනයටද දැනුම් දුන් බව උපාලි සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් මහේෂ් සේනානයකව දැනුවත් කරමින් උපාලි සඳහන් කර ඇත්තේ ප්‍රශ්නගත  බැඳුම්කර සිදුවීම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සහ  මහේෂ් සේනානායක අතර පැවති හිතවත්කම මෙම තීරණයට බලපෑ බවය.

අගමැති කාර්යාලය දන්නෙත් නෑ !

නමුත් මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය පාර්ශවයෙන් සොයා බැලූ කළ එවැනි කිසිඳු උපදෙසක් ඔවුන් නිකුත්කර ඇති බව තහවුරු  විය. එසේම කාවන් රත්නායක මහතාගේ පාර්ශවයෙන් ද එබඳු බලපෑමක් සිදුව නැත.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක කියන්නේ සිය නිලය යොදා ගනිමින් පෞද්ගලික පළිගැනීම් සිදුකරනවාට අමතරව ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම තම අධිකාරියේ සභාපතිගේ නමද ඒ වෙනුවෙන් අවභාවිතා කරන තුට්ටු දෙකේ නොන්ජලයකු බව අනාවරණය වුයේ මේ ගැන අප වැඩිදුරටත් සිදුකල සොයා බැලීමේදී ය.

එහිදී අපට අනාවරණය වුයේ අගමැතිගේ සහ සංචාරක අධිකාරියේ සභාපතිගේ නම විකුණා, මහේෂ් සේනානායකගේ නිවේදන වෘත්තියට  කොහෙත්ම සම්බන්ධයක් නැති බැඳුම්කර අටමගලක් පටලවා මේ සියල්ල සිදුකර ඇත්තේ උපාලිම බවය. පැහැදිළිවම ඔහු මෙය සිදුකර ඇත්තේ පසුගිය වසරේ සිදුවූ සිදුවීමක වාඩුව මහේෂ් සේනානායක වෙතින් ගන්නටය. 

දැන් පෙන්වනවා : උපාලිගේ  වෛරය 1 

එම සිදුවීම වන්නේ පසුගිය වසරේ කොළඹ විශ්ව විද්‍යාලය සංවිධාන කළ "ටුවරිස්ට් ලීඩර්ස් සමිට්" හී සිදුවූ වචන හුවමාරුවක්ය.   "ටුවරිස්ට් ලීඩර්ස් සමිට්" හී සන්නිවේදන උපදේශක ලෙස එදා මහේෂ් සේනානායක කටයුතු කර ඇති අතර එහිදී මතුවූ ප්‍රශ්නයකදී උපාලි රත්නායකගේ නොහැකියාව ඔප්පු වන සිදුවීමක් සිදුව ඇත. ( ඒ ගැන අවශ්‍ය නම් තව ලියන්න ගොඩක් විස්තර අප සතුව ඇත.) කෙසේ වුවත් වැඩබැරිකම අනාවරණය වීම ගැන මහේෂ් සමඟ වෛරයෙන් පසුවූ උපාලි මෙහිදී එහි වාඩුව ගෙන ඇත්තේ මහේෂ්ට අද (30) උත්සවයේ නිවේදන කටයුත්ත අහිමි කරමින්ය.

ඒ හරහා පළමුව ඔප්පු වන්නේ උපාලි රත්නායකට සංචාරක ව්‍යාපාරය ගැන දැනුමේ ප්‍රශ්නයක් පමණක් නොව පුද්ගල සම්බන්ධතා වලදීද  පෞරුෂයක් නොමැති බවය. එසේ නොවන්න මහේෂ්ට එම අවස්ථාව අහිමි කරන්නට  අගමැති හා අධිකාරියේ සභාපතිගේ නම් විකුණන්න අවශ්‍ය නැත.  අනෙක් අතට මේ කරුණට බැඳුම්කර අටමගලක් ගෙනෙන්න උපාලි රත්නායක කටයුතු කළේ තවමත් රාජපක්ෂ නම හිතෙන් අයින් කරන්නට බැරිවීමද නැත්නම් ඩබල් ඩීල් ප්‍රතිපත්තියද නිසා ද යන්න ගැනත් වෙනම සොයා බැලිය යුතුව ඇත. 

නමුත් මෙතැන ප්‍රශ්නය වන්නේ  හීනමාන ගති ඇති අය තමන්ගේ හීනමානය  දුරුකර ගන්න අගමැති වැනි ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ නම් විකුණන සහ ඔවුන්ගේ කීර්තිනාමය විකුණන තැනට පත්වීමය. ඔය උත්සවය නිවේදනය නොකළාට මහේෂ් බඩගින්නේ මැරෙන්නේ නැති බව සත්‍යක් බව අමුතුවෙන් කිවයුතු නැත.

නමුත් මෙවැනි හීනමාන තිබෙන උදවිය ගේ මනස සුවපත් කරගන්න කරන නොසන්ඩාල වැඩ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම අවසානයේ සමස්ථ ආණ්ඩුවම අපකීර්තියට පත්වීම නම් නොවැළක්විය හැකිය.

එපමණක් නොව මේ සිදුවීම අප වාර්තා කළේම තම රාජකාරිය හෝ රජය වෙනුවෙන් කල යුතු වැඩේ පැත්තක තබා  මේ ආකාරයේ හීනමාන සහ ඇරියස් කවර් කිරීමේ නිලධාරී වසංගත කිහිපයක් ගැනම තවත් උදාහරණ රැසක් අසන්නට ඇති නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න