ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම සහ ශ්‍රී ලන්කන් කෙටරිස් සමාගම යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය තවත් මාස පහක කාලයකින් දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.
ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.
කොමිසමේ නිල කාලය ඊයේ (31) අවසන් වීමට නියමිතව තිබු නමුත් කාලය දීර්ඝ කිරීමත් සමඟ මෙම කොමිසමට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇත.
ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභාව පත් කළේ පහත ආයතනවල 2006 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ වසරේ ජනවාරි 31 වැනි දා දක්වා කාලයේදී සිදු වී ඇතැයි කියන දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
