කුමාර වෙල්ගම කියන්නේ කවටයෙක් : මහින්දානන්ද ප්‍රසිද්ධියේම කියයි !

කුමාර වෙල්ගම කියන්නේ කවටයෙක් : මහින්දානන්ද ප්‍රසිද්ධියේම කියයි !

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බව මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ සඳහන් කර ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

“කුමාර වෙග්ලම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා මේ පක්ෂයේ මිනිස්සු බොහෝම ආදරය කරපු කෙනෙක්. හැබැයි ඉතින් මේ මෑත කාලයේ කරපු සමහර ප්‍රකාශ නිසා විකටයෙක් වෙලා ඉන්නවා” යැයි එහිදි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මෙසේ මහින්දාන්නද මන්ත්‍රීවරයාගේ  කෝපයට හේතුවී ඇත්තේ, 'හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි' යයි වෙල්ගම මන්ත්‍රීවරයා කල ප්‍රකාශය සම්බන්ධවය.

දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටට යන කල දසාව කුමක්දැයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් පසුගිය මස 14 දාඑහි රැස්ව සිටි පාක්ෂිකයින් ගෙන් එබව විමසා සිටියේය.

වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ 'විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?" යනුවෙන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න