හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර උතුර දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
ඔහුද අතුළුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර කටයුතු කර තිබේ. 
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිසියේ ඉහළ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සිදු කර ඇත. පොලිස් නිලධාරින් 20කුගේ මෙලෙස ස්ථානමාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.
එම ස්ථානමාරුවීම් අතර නියෝජ්‍ය පොලිස්පති ධුර 6ක්, පොලිස් අධිකාරී ධුර 3ක්, සහකාර පොලිස් අධිකාරී ධුර 2ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුර 3ක් සහ පොලිස් පරීක්ෂක ධුර 6ක් සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
