නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අඛන්ඩව සහය ලබාදෙන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ප්‍රකාශ කර තිබේ.
මෙරට සිව්දින සංචාරයක නිරත වුණු ඇය, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් වූව ද සම්පූර්ණ සාමය සහ සෞභාග්‍යය උදා වී නොමැති බවය.
මේ අතර පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම සමග ද සාකච්ඡාවක නිරත වූ බව ද වාර්තා වන අතර මෙරට මානව හිමිකම් ප්‍රර්ධනයට පොදුරාජ්‍ය මණ්ඩලයීය මණ්ඩලයේ සහයෝගය ලබාදෙන බව මහලේකම්වරිය එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

