වහල්ලු පිරිසක් ආණ්ඩුව පෙරළන්න හදනවා - රාජිත

වහල්ලු පිරිසක් ආණ්ඩුව පෙරළන්න හදනවා - රාජිත

වහල් භාවයෙන් සිටිය යුතුයි යන තේමාවෙන් සිතන පිරිසක් රටේ සිටින බවත් වත්මන් ආණ්ඩුව පෙරළා දමන්න උත්සාහ ගනිමින් සිටින්නේද "මහරජාණෝ" කියාගෙන ඉන්නට කැමති  එවැනි වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක් බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සදහා මුල්ගල් තැබීම සඳහා එක්වූ අවස්ථාවේය.

වත්මන් රජය වෘත්තීය සමිති ඉල්ලීම්වලට අවධානය යොමු කරන විට ඇතැමුන් එය දුර්වල රජයක් ලෙස දකින බවත් නමුත්  වෘත්තීය සමිති නියෝජිතයින්ට ගුටි බැට දුන් ආණ්ඩු ශක්තිමත් රජයක් ලෙස සිතීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “හෙද සේවාව වෘත්තීයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවයක් පැවතුනා. දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් ඉන්නෙත් දූපත් මානසිකත්වයෙන්.

අපි විශ්ව ගම්මාන සංකල්පයට යා යුතුයි. හෙද වෘත්තීය වෘත්තියක් බවට ගොඩනැංවිම සදහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. හෙද පීඨය තුල එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. දිවයින පුරා පිහිටි හෙද පාසල් 05 ක් සංවර්ධනය කර බිහිවන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. අතිරික්ත හෙද හෙදියන් විදේශ රැකියා සදහා යොමු කළ හැකියි. උදාහරණයක් ලෙස ඉන්දියාව ඇමරිකාවේ සන්නිවේදන වෙළෙදපොල සදහා වාර්ෂිකව තරුණ තරුණයින් 10,000 පමණ යොමු කරනවා. හෙද පීඨය හා නේවාසිකාගාරය ඉදිකිරිම සදහා වැය කරන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 14.5 ක්. දැනට හෙද පීඨය සදහා හෙද හෙදියන් 100 ක් බදවා ගෙන අධ්‍යාපන කටයුතු ලබාදෙනවා. සෞඛ්‍ය සේවයේ සියළුම අංශ වෘත්තීන් බවට පත් කරනවා. වෛද්‍යවරු පමණක් නොවෙයි. සෑම ක්ෂේත්‍රයක්ම වෘත්තීන් බවට පත් කිරීමේ දී දැනට පවතින උත්තරීතර තත්ත්වය නැති වෙනවා. සමානාත්මතාවය නව  මානසිකත්වයක් ඇති වෙනවා. අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම්. 

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සදහා මුල්ගල් තැබීමසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේ දී සිදු කෙරිනි. 

මේ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 07 කි. හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමියේ ඉදිකරමින් පවතියි. ශිෂ්‍ය නේවාසිකාගාරය තුල පිහිණුම් තටාක, ව්‍යායාම් කිරීමේ මධ්‍යස්ථාන ද ඇතුලත්ය.  මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එල්.බී ගුණවර්ධන, හෙද පීඨයේ පිඨාධිපති මහාචාර්ය දේවක වීරකෝන්, නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න