ගෝඨාභය නම් ඇමරිකානු පුරවැසියාගේ යුධ අපරාධ  ගැන තානාපති විමර්ශනයක් !

ගෝඨාභය නම් ඇමරිකානු පුරවැසියාගේ යුධ අපරාධ  ගැන තානාපති විමර්ශනයක් !

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවූ  මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

දිවයින ඉරිදා සංග්‍රහය  මේ බව වාර්තා කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහු විසින් කරන ලද යුද අපරාධ පිළිබඳ වාර්තා තමන්ට අවශ්‍ය වී ඇති බවද එහිදී තානාපති නිලධාරීන් සඳහන් කර ඇති බවද එහි දැක්වේ.

එම පුවත් වාර්තාවට අනුව,  විශේෂයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පොලිස්පති නඬේසන් මහතා ඝාතනය කර ඇත්තේ ඔහු හමුදාවට යටත් වූ පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝගය පරිදි ද යන්න ඇමෙරිකානුවන් සොයා බලමින් සිටින අතර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කළැයි කියන ප්‍රකාශයක් මත හෙළිවුණු සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සහ පැහැරගැනීම් පිළිබඳ මැක්ස්වල් පරණගම කොමිසමේදී හෙළි වූ කරුණුවලට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ඇමෙරිකානුවන් උනන්දුවන බවද වාර්තා කර ඇත.

එසේම මේ පදනම් කරගෙන දිවයින පුවත පළකර ඇත්තේ  මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව සඳහන් කරමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න