ජනතාව අද ඉන්නේ  බියෙන් සහ  සැකෙන් - බැසිල් 

ජනතාව අද ඉන්නේ  බියෙන් සහ  සැකෙන් - බැසිල් 

උතුරේත් නැගෙනහිරත් කඳුකරයේත් ජනතාව අද බියෙන් සැකෙන් ජිවත්වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුර කලවානේ  පැවති 'පොදුජන රල ආණ්ඩු විරෝධයේ ජාතික හටන' ජනහමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (04) මේ බව  කියා සිටියේ ය.
වත්මන් ආණ්ඩුව රටේ සම්පත් එකින් එක විකුණන බව ද රජයක් ලෙස රටකට කරන්න තියන අපරාධ සියල්ල මේ ආණ්ඩුව විසින් කර ඇතැයි ද කියා සිටි බැසිල් රාජපක්ෂ මහතා, වත්මන් ආණ්ඩුව සදාචාරය හා නීතිය නැති කර ඇතැයි ද එහිදී පැවසිය.  

අසත්‍ය චෝදනා එල්ල කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පසුගිය වසර තුන පුරාවටම රට අස්ථාවර කර ඇතැයි ද ඔහු සඳහන් කර  ඇත.

බැසිල්ගේ න්‍යාය !

බැසිල් රාජපක්ෂ මහතා මේ කතා කියන්නේ 2015 ජනවාරි 08 වනදාට පෙර වෙනත් ලෝකයක සිට පැමිණ ඇති අයෙකු මෙන්ය.

අද රටේ ජනතාවට සුදුවෑන් භීතිකාවක් නැත. ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව විවේචනය කරා කියා පහරකෑමට, ඝාතනය වීමට හෝ සදාකාලිකව අතුරුදහන්වීමේ අවධානමක්ද නැත. මේ කිසිවක් අමුතුවෙන් කිවයුතු කාරනා නොවන අතර ඒ සියල්ල ජනතාව හොඳින් දන්නා කරුණුය.

නමුත් දිගින් දිගටම මේ පට්ටපල් බොරු වැගිරවීමේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ නියැලී සිටින්නේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ වූ තත්ත්වය ජනතාවට අමතක කරවීම සඳහාය.

ඒ අන් කිසිවක් නිසා නොව කොහොමටත් බලයේ සිටින ආණ්ඩුව ගැන විවේචනයක් ජනතාවට ඇති නිසාය. ඒ කොහොමටත් ඇති විවේචනය සමාජ බලයක් බවට පත්කරගෙන නැවත ඒකාධිපති පවුල් පාලනය ස්ථාපිත කිරීම මේ නඩයේ පැහැදිළි අපේක්ෂාව වී ඇත.

ජනතාව බිය රාජපක්ෂලා නැවත බලයට ඒමේ අවධානමටය 

ඒ අනුව,අමතක නොකළ යුතු කාරණය වන්නේ  රාජපක්ෂවරුන්ගේ කාලයේ දෙමල මුස්ලිම් ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනතාව ද බියෙන් සැකෙන් සිටි යුගයක් වූ බවය.  

ප්‍රජාතන්ත්‍රවාදය යන්න රාජපක්ෂ පාලන සමයේ කොතරම් අන්තයකට ඇද දැම්මාද කියනවා නම්   ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ  ජනාධිපතිවරයා යටතට පත් කර ලැබිණ.

නමුත්  අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක වනවා පමණක් නොව  අද ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට  පවා  අධිකරණයට ඇඟිලි ගැසීමේ ඉඩක් නැත. ඒ නිසා අද වන විට ආණ්ඩුවට එල්ල වන චෝදනා හමුවේ අගමැතිට කොමිෂන් සභා හමුවට ගොස් කරුණු දැක්වීමට පවා සිදුව තිබෙන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් චෝදනා මත සිරගත වන තැනට වැඩ කටයුතු සිදුව ඇත.

ඒ අනුව ජනතාව අද බියෙන් සිටිනවා නම් හෝ සැකයෙන් සිටිනවා නම් සිටිය යුතුව ඇත්තේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අහිමි වන ආකාරයට නැවත හිට්ලර් පන්නයේ පාලනයක් රාජපක්ෂවරුන් හරහා රටට උදාවේද යන්න සම්බන්ධව පමණි. 

අගෝස්තු 16 දිනට යහපාලන ආණ්ඩුවට වසර 3ක් සපිරේ.  

බැසිල් රාජපක්ෂ මහතා විසින් කල ප්‍රකාශය පාදක කර ගනිමින්,  ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් යහපාලන ආණ්ඩුව වසර තුනක් තුලදී ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ඇති කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මහගු අවස්ථාවක් ලැබී ඇත.

ඒ අනුව, රාජපක්ෂවරුන්ගේ කාලයේ දෙමල මුස්ලිම් ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනතාව ද බියෙන් සැකෙන් සිටි යුගය යලි සිහිපත් කරන්න.
බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන පෝෂණය කල රාජපක්ෂවරුන්ගේ අන්තවාදී ක්‍රියා නිසා මහින්ද රාජපක්ෂ මහතාට 2015 දී ගෙදරයාමට සිදුවූ ආකාරය ද අවධාරණය කරන්න.

ජනතාවට බියෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමට අයිතියක් ලැබුනේත් අද ජනාධිපති හා අගමැති ඇතුළු රජයේ ප්‍රධානීන්ට එරෙහිව බියෙන් සැකෙන් තොරව අදහස් පලකිරීමට නිදහස ලැබී ඇත්තෙත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බව ජනාධිපතිතුමා පසුගියදා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කල කතාව යලි විකාශය කරන්න.

කැලැ නීතිය වෙනුවට නීතියේ ආධිපත්‍ය යලි ස්ථාපිතව ඇති ආකාරය:

පසුගිය ආණ්ඩුව ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කර ගත් නමුත් අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක බවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය,  පොලොන්නරුව ජනාධිපති වැඩ සටහන යටතේ ඉදි කළ අරලගංවිල අලවාකුඹුර මහා විද්‍යාලයේ සෞන්දර්යය ඒකකය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් කල කතාව උපුටා දක්වන්න. 

අද ජනාධිපතිවරයාට හෝ අධිකරණයට ඇඟිලි ගැසීමේ ඉඩක් නැතැයි ඇමතිතුමිය එහිදී පෙන්වා දුන්නාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න