විශේෂ මහාධිකරණයේ  ඊළඟ නඩුව ගෝඨාභයට

විශේෂ මහාධිකරණයේ  ඊළඟ නඩුව ගෝඨාභයට

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ මීලග නඩුව ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය  රාජපක්‍ෂට එරෙහිව නඩුවක්  කැදවීමට නියමිත බව සන්ඩෙි ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂටට අදාල නඩුව මේ වන විටත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇතැයිද එම  වාර්තාවේ දැක්වෙයි.

මෙම අධිකරණයේ මුලින්ම විභාගයට ගැනීමට නියමිතව මේ  වන විටත් සිතාසි නිකුත්කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියාව සිටි ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුවකි.

මෙලෙස සිතාසි නිකුත් කරන ඇත්තේ  ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ කේ. ලසන්ත බණඩාර නමැත්තන්ටය. 

2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුල කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ලිට්රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් ඇන්ඞ් ස්පා පුද්ගලික සමාගමට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා   චෝදනා නඟා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන  93ක් සහ සාක්කිකරුවන් 63 දෙනෙකු කැඳවන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම්දී ඇති අතර  මුදල් විශූද්ධිකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන්   සිදුකොට ඇති බවද  නීතීපතිවරයා  අධිකරණයට දැනුම්දී තිබේ.   

ඒ අනුව ත්‍රිපුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල  විසින් මෙම සිතාසි නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න