මහින්දානන්ද කියන්නේ කොන්දක් නැති හාදයෙක් : වෙල්ගමගෙන් සැර උත්තරයක් ! 

මහින්දානන්ද කියන්නේ කොන්දක් නැති හාදයෙක් : වෙල්ගමගෙන් සැර උත්තරයක් ! 

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිපය තීන්දු කළ මධ්‍යම කාරකසභා රැස්වීමේදී විරෝධය දැක්වීමට තරම් කොන්දක් නොතිබූ මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට කවටයකු බව කියා ඇති බවත් කොන්දක් නොමැති මහින්දානන්ද එසේ කීවත් කිව යුතුදේ මහින්ද මහත්තයාගේ වුවත් මුහුණට කීම තමාගේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින්  මන්ත්‍රී කුමාර වෙල්ගම  සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) ප්‍රතිචාර දක්වමින්ය.

අද කළුතර - පානදුර පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පිළිබඳ  සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති බවත් ඔහු විකටයෙකුගේ චරිතය රඟපාන බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ එදා මධ්‍යම කාරක සභා රැස්වීමේදී නැගිට ප්‍රකාශයක් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවය.

එසේම එදා නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩවීමටද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවත් ඔහු කුමක් වේදෝයි හැංගි බලා සිටියා මිස කිසිවක් නොකළ බවද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය. 

තමා නාමල් රාජපක්ෂ මහතා ඉපදීමටත් පෙර සිට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන් අවුරුදු 36 ක කාලයක් කටයුතු කර ඇති බවත් එම කාලය තුළ මහජනතාවට කිසිඳු වැරදි ප්‍රකාශයක් සිදු  කර නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න