සයිටම් සේවක වැටුප් ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් ඉල්ලා ගන්න 

සයිටම් සේවක වැටුප් ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් ඉල්ලා ගන්න 

සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල වෛද්‍ය  පීඨය වෙත යොමු කිරීමෙන් පසු, සයිටම් ආයතනයේ සේවකයින් වෙත වැටුප්  ගෙවීම නතර කිරීමට එහි හිමිකාරීත්වය කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

මේ හේතුවෙන් දෙසියයකට අධික සේවක පිරිසක් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත්  ඒ සම්බන්ධයෙන් සේවක පිරිස් වෛද්‍ය  නෙවිල් ප්‍රනාන්දු වෙතින් විමසීමේදී  සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය  පීඨයට යොමු කළ නිසා තමා සයිටම් ආයතනයේ කිසිදු සේවකයෙක් වෙත වැටුප් නොගෙවන බව පැවසු බව සේවකයින් සඳහන් කරයි.

එසේම   වැටුප් ගෙවීමට තමන්ට  මුදල් නොමැති බවත් වැටුප් අවශ්‍ය අය ජනාධිපතිගෙන් හා අගමැතිගෙන් වැටුප් ඉල්ලා ගන්නා ලෙස නෙවිල් ප්‍රනාන්දු පැවසු බවද සේවක පිරිස් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ නමුත්, සේවකයින් වෙත කිසිදු දැනුම්දීමකින් හෝ සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පටිපාටීන් අනුගමනය නොකර හිතුවක්කාරී ලෙස මෙවැනි තීන්දුවක් ගැනීම පිළිබද සේවකයින් පීඩාවට හා විමතියට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

සයිටම් සේවකයින් වෙත වැටුප් ගෙවීම සදහා අවශ්‍ය  මුදල් තමා සතුව නොමැති බව නෙවිල් ප්‍රනාන්දු  පැවසුවද මෑතකදී හෝකන්දර ප්‍රදේශයේ  නවීන තාක්ෂණයෙන් යුතු විශාල පරිමාණයේ  බේකරියක් හා බේකරි නිෂ්පාදන අළෙවිසැලක් ආරම්භ කර ඇති බවද සේවකයින් පෙන්වා දෙයි.

ඒ සදහා ආයෝජනය කර ඇත්තේ සයිටම් ආයතනය සතුව තිබූ මුදල් බව සඳහන් කරන සේවක පිරිස් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  ඉතිරි මුදල් පවුලේ සාමාජිකයින් අතරේ ඔවුන්ගේ පුද්ගලික ගිණුම් හරහා බෙදා දීමටද නෙවිල් ප්‍රනාන්දු කටයුතු කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න