විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ !

විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ !

විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධව පැවති බදු ප්‍රතිපත්තියේ  කිසිදු  සංශෝධනයක් සිදු කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙවනු ලැබු සියයට 24ක ආදයම් බදු මුදල සියයට 15ක් දක්වා අඩු කිරීමට තීරණය කළ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මුදල්  අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වෙතින් newstube.lk  සිදුකළ කරුණු විමසීමකදී එම නිලධාරියා මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව උපයන විට ගෙවන බදු හෝ ආදායම් බදු ප්‍රතිශත වලද කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි. කෙසේ වුවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  අතර මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවත්  එහි දී ආදායම් බදු ගෙවීම සඳහා ඔවුන්ගේ වියදම් ගණනය කිරීමට අදාළ සංශෝධනයක් සිදු කිරීමට පමණක් එකඟතාව පළවූ බවද එම නිලධාරියා සඳහන් කර සිටියේය.

මේ පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් විශේෂ නිවේදනයක්ද නිකුත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න