පොහොට්ටුව පරාක්‍රම සමුද්‍රය වගේ : නාන්න ගියොත් ගිලිලා මැරෙන්නේ  - දයාසිරි 

පොහොට්ටුව පරාක්‍රම සමුද්‍රය වගේ : නාන්න ගියොත් ගිලිලා මැරෙන්නේ  - දයාසිරි 

2020 ජනාධිපති අපේක්ෂකයා තේරීම තනි පුද්ගලයෙකුගේ වැඩක් නොවිය යුතු බවත් කවුරු ඉදිරිපත් වුවත් ජනාධිපතිවරණය ජයගන්න නම් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය එම අපේක්ෂකයාට තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"පොළොන්නරුවේ තියනවා පාරාක්‍රම සමුද්‍රය. ඒ පාමුල තියනවා දෙකේ ඇල  කියලා ඇලක්. ඕන කෙනෙකුට ඒ ඇලේ බැහැලා බය නැතුව නාගන්න පුළුවන්. ඉන ගාවට වතුර තියෙන්නේ. කිසි බයක් වෙන්න දෙයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙත් අන්න එහෙම පක්ෂයක්.

ඒත් දෙකේ ඇල ගාව තියන පරාක්‍රම සමුද්‍රයේ එහෙම පහසුවෙන් නාන්න බෑ. ගිලිලා මැරෙන්න වෙන්නේ. අද පොහොට්ටුව කියන්නෙත් අන්න එහෙම පක්ෂයක්. නායකයා කවුද කියන්න කවුරුවත් දන්නෙ නෑ. ජනාධිපති අපේක්ෂකයෝම ඉන්නවා පන්සීයක් විතර. නාන්න ගියොත් ගිලිලා මැරෙන්න වෙන්නේ.
බණ්ඩාරනායක මහත්තයාගේ ඉඳලා ඈත පිටිසර මැදමුලනේ සාමාන්‍ය රාජපක්ෂ කෙනෙකුට දක්වා ඒ පක්ෂයේ නායකකම ගන්න පුළුවන් වුණා. අද ඒ පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. හෙට ඒ පක්ෂයේ නායකකම ඔහු දෙන්නේ කාටද අපි එයා එක්ක වැඩ කරන්න ඕන. මම වැඩ කරන්නේ එහෙමයි. හෙට මේ පක්ෂයේ නායකයා කීර්ති උඩවත්ත වෙන්න පුළුවන්. ශ්‍රීලනිපයේ අය දේශපාලන ගමන යන්න ඕන පක්ෂය එක්ක. එහෙම නැතිව මෛත්‍රී ජනාධිපතිතුමා පක්ෂයෙන් ගියත් එයාගේ පස්සෙන් දුවගෙන ගිහින් නෙවෙයි. 

ප්‍රාදේශීය සභා ජන්දයේදී පෝස්ටර් ගැහුවා මහින්ද අගමැති කරමු කියලා. ප්‍රාදේශීය සභා ජන්දයකින් පුළුවන්ද එහෙම අගමැතිලා පත්කරන්න. මං ඔය කතාව කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ. අගමැතිකම ගන්න නම් අපේ මන්ත්‍රීවරුන් 95ම එකට ඉන්න ඕන. ජනාධිපතිවරනයෙදීත් එහෙමයි. ශ්‍රීලනිප සහය නැතුව කාටවත් ජනාධිපතිවරණය දිනන්න බෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න