රාජපක්ෂ පාලන සමයේ දී ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ටෙන්ඩර් මගඩියක් හරහා සිදුව ඇතැයි කියන බිලියන් ගණනක වංචාවක් සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රදේශය සභාවේ මන්ත්‍රී දිනේෂ් ඉන්දික රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත පැමිණිල්ලක් කර ඇත.
ඊයේ (10) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර අත්තනගල්ල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් සිදුකල මෙම ටෙන්ඩර් මගඩියට එවකට ඇමතිවරයකු ලෙස කටයුතු කල බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බව අදාල පැමිණිල්ලේ සඳහන්වේ.

