“වැව් දහසක්- ගම් දහසක්” යටතේ තවත් වැව් 4ක් ප්‍රතිසංවර්ධනය කරයි !

“වැව් දහසක්- ගම් දහසක්” යටතේ තවත් වැව් 4ක් ප්‍රතිසංවර්ධනය කරයි !

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” - කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ එන ප්‍රධාන ව්‍යාපෘතිය වන “වැව් දහසක්- ගම් දහසක්”  වැඩසටහන අනුව අගුනකොළපැලැස්ස ප්‍රදේශයේ අභාවයට යමින් තිබෙන තවත් වැව් හතරක් (11) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවර්ධනය කෙරේ. 

එමෙන්ම මෙම වැව් යටතේ තිබෙන ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය ද සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
 
ඒ අනුව සිටිනාමළුව ඉළුක්මුල්ල වැව, ඉහළගොඩ ඇත්වැව, සුරුවිරුගම දංගහපැලැස්ස වැව, මානජ්ජාව මැඩිල්ල වැව, වැව් හතර රුපියල් මිලියන 20 වියදමින් සංවර්ධනය කෙරෙන අතර වැවෙහි ඇළවේලි ඇතුළු යටිගං සංවර්ධනයද සිදු කෙරේ.
 
සිටිනාමළුව- ඉළුක්මුල්ල වැව අද දින පෙරවරු 9.00ට අමාත්‍යවරයා අතින් සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹෙන අතර ඊට අමතරව ගම්වාසින් උදෙසා වෛද්‍ය සායන කිහිපයක්, පලතුරු පැළ පොහොර බොදදාදීම ඇතැළු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
 
වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ 300වන වැව හා ගම්මානය වශයෙන් අගුනකොළ පැලැස්ස කයිලවැල්පෝටාව වැව හා ගම්මානය සංවර්ධනය කිරීමේ ප්‍රධාන වැඩ සටහන හෙට දින (12) ආරම්භ කෙරෙන අතර ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ පළාත්සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න