එළවළු මිල පහළට !

එළවළු මිල පහළට !

පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගොස් තිබූ එළවළු මිල මේ වන විට පහළ යමින් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව  ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලේම බෝංචි, කැරට්, අමු මිරිස් සහ මාළු මිරිස් හැර අනෙකුත් සියළුම එළවළු තොග මිල රුපියල් පනහත්, හැටත් අතර මිලකට පහළ ගොස් ඇති බවත් . මිල ගණන් පහළ යාමට හේතුව යල කන්නයේ අස්වනු මේ වන විට වෙළදපොළට ලැබෙමින් පැවතීම බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ බව සඳහන් කරමින් එම  ආයතය අනාවැකි පළ කර සිටින්නේ  ඉදිරි සති කිහිපය තුළ අර්තාපල් සහ ලොකු ළූනු මිලද පහළ යනු ඇති බවය.

 එසේම  තව සති දෙකකින් අර්තාපල් හා ලොකු ළූනු මිල දැනට වෙළදපොළ තුළ පවතින මිලට  වඩා පහළ යනු ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න