"අහන්න" තෙවැනි දිනයටත් සාර්ථක ගමනක ! 

"අහන්න" තෙවැනි දිනයටත් සාර්ථක ගමනක ! 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංහිඳියා යාන්ත්‍ර‍ණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය  එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” තෙවැනි ජනතා වැඩසටහන ඊයේ (10)  යක්කල සහ පයාගල යන ප්‍රදේශවල  පැවැත්විණි.

යක්කල පැවති වැඩසටහන යක්කල ලංකා ලෝහ පුද්ගලික සමාගම් පරිශ්‍රයේදී පැවති අතර හේන්පිටමුල්ලේ කේ.විමලවංශ හිමි, ලංකා ලෝහ පුද්ගලික සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක, විධායක අධ්‍යක්ෂක, යක්කල පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වල්පොළ මහතා ඇතුළු ජනතාව ඊට  එක්ව සිටියහ.

එසේම  "අහන්න" පයාගල පැවති "අහන්න" වැඩසටහන  මලයගොඩ ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරයේදී පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ප්‍ර‍ජා පොලිස් කොට්ඨාසයේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 

මාතර දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා නිලධාරී සුදර්ශන විධානපතිරණ මෙන්ම  සංහිඳියා යාන්ත්‍ර‍ණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න  ඇතුළු ජනතාව එම  අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂා කළ නමුත් පසුගිය දශකයට ආසන්න කාලය තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළත් රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විය. ඒ හේතුවෙන් ජාතීන් අතර ආගම් අතර විශ්වාසය බිඳවැටී යම්යම් අවාසනාවන්ත සිදුවීම් පසුගියදා වාර්තා වූ  අතර එවන් පසුබිමක් යළි නිර්මාණය නොවීම සඳහා රජය සියලු ජාතීන් ඒකරාශි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළක් ආරම්භ කරමින් “අහන්න” ජාතිත සංහිඳියා වැඩසටහන ආරම්භ කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

නව ගෝලීය ආර්ථික ප්‍රවණතා හඳුනාගනිමින් සංවර්ධනයේ ඉලක්කයන් කරා ළඟාවීමට නම් ග්‍රාමීය මට්ටමේ සිට සියලු ජාතීන්, සියලු ආගම් එකට සහෝදරත්වයෙන් ජීවත් වීම උදෙසාත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසාත් ආකල්පමය වෙනසකට රට ගමන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  අවධාරණය කරයි.

Payagala 3

Payagala

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න