ක්‍රමාණුකූලව  බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියයි - මංගල 

ක්‍රමාණුකූලව  බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියයි - මංගල 

සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත් කරන අතර  අලුත් ආදායම් බදු පනතේ සංශෝධන කීපයක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ක්‍රමාණුකූලව ඉදිරියේ දී බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මං ගල සමරවීර  පවසයි.
 
එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේ දී විවාදයටගැනුණු අවස්ථාවේ විවාදය අරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

විවාදයේ දී වැඩිදුරටත්  අදහස්  දැක් වූ අමාත්‍යවරයා,

එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත ඉදිරිපත් කරන්නේ,වැදගත් අංශ ගණනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන වැට් බද්ද පිළිබඳ සංශෝධන කීපයක් ඇති කරන්නයි.ජනතාවගේ පැත්තෙන් බලා,වැදගත් වෙනස් කම් මේ ආකාරයට අප ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත තුළින් වෛද්‍ය අංශයට, විශේෂයෙන් ම චැනල් සේවය උපයෝගී කරගන්නා ජනතාවට අපි වැට් බද්දෙන් නිදහස් කිරීමේ යෝජනාවක් ගෙනැල්ලා තිබෙනවා.
 
 චැනල් සේවා වැට් බද්දෙන් නිඳහස්...

මේ සංශෝධනය තුළින් වෛද්‍ය සේවයේ, වෛද්‍ය ආයතන, සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් ඉවත් කර තිබෙනවා. සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත් කරනවා. පෞද්ගලික රෝහල්වල නවතැන් ලබාගන්නව නම් පමනයි වැට් බද්ද ක්‍රියාත්මක කරන්නේ. කුඩා දරුවන්නේ කිරි පිටි,අධ්‍යාපනික පොත් පත්,වෛද්‍ය උපකරණ,ළමා සුරැකුම් සේවා,පරිසර හිතකමී පුනර්ජනනීය උපකරණවලටත් වැට් සහනය ලබාදී තිබෙනවා.
 
සංචාරක කර්මාන්තයට තල්ලුවක්
 
සංචාරකයින් සඳහා අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් වැට් බදු ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවා. කොළඹ කටුනායක ගුවන්තොටුපලේ දී වැට් ප්‍රතිපූර්ණය කිරීම හඳුන්වා දෙනවා. මෙම ක්‍රමවේදය සැප්තැම්බර් මස සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.
 
සංචාරක ආදායම ඩොලර් මිලියන 4000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඉහළ දමා ගෙන 2020 වන විට අපේ රටට පැමිණෙන සංචාරක ප්‍රමාණය මිලියන 04 දක්වා වැඩි කරන්නට සංචාරක අමාත්‍යතුමා, විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් ඩොලර් මිලියන 7000 දක්වා ඉහළ දැමීමට දැනටමත් රජය  සැලසුම් ක්‍රියාත්මක වෙනවා.
 
 රටේ ආර්ථිකය නංවලීමේ ක්‍රියාදාමයක් 
 
 2015 රජය පත් වීමෙන් පසුව රටට වැදගත් ප්‍රතිපත්ති මත රටේ ආර්ථිකය නංවලීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළා. දිගු කාලීන ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යෑමට ප්‍රමුඛත්වය ලබාදුන්නා. බහුවිධ මතවාදයන්ට ඉඩකඩ ලබාදෙමින් සැමගේ ම අඳහස් ලබාගෙන මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ.2015 පෙර රටේ තිබුණු ආර්ථික තත්ත්වය කුමක් ද කියන එක කියලා අප හැමෝටම මතකයි.විශාල ණය කන්දකට සහ රටට විරුද්ධව ජාත්‍යන්තර සම්බාධක පැනවෙන තත්වයක් ඇති වුණා.මෙවැනි තත්ත්වයක් තුළයි ආණ්ඩුව වෙනස් වෙලා ගමන අලුත් මවතකට යොමු කළේ.
 
 ක්‍රමාණුකූලව බදු බර අඩු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය
 
ඒ නිසා අපට දැන් ජී.එස්.පී.ප්ලස් සහනය ලබාදී තිබෙනවා.අපගේ අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබුවා. අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ වක්‍ර බදු අඩු කරන්නත් සෘජු බදු පුළුල් කරන්නත්.පසුගිය ජනවාරි මාසයේ බදු ලිපි ගොනු 48,850ක් ස්‍රජු බදු ලිපි ගොනු තිබුණේ.වසර 70කට පස්සේ මිලියන 21ක් ජනගහනය ඉන්න රටේ, බදු ලිපිගොනු තිබුණේ 48850යි. මේ වසරේ ජනවරි මස වනවිට තුන් ලක්ෂ තිස් හයදහහස් හයසිය හැත්තෑ එකක ලිපි ගොනු විවෘත කරන්න හැකි වී තිබෙනවා.
 මෙලෙස සෘජු බද්ද පුළුල් කරන්නට කටයුතු කරගෙන යනවා. මේ රටේ සියලු වියදම් වලින් සියයට 82%ක් ම ජාතික ආදායම ලැබෙන්නේ , අහිංසක සාමාන්‍ය ජනතාවගේ වැට් බද්දෙන් සහ වෙනත් වක්‍ර බදුවලින්.ක්‍රමාණුකූලව ඉදිරියේ දී එම බර අඩු කරන්නයි,රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී තිබෙන්නේ .
 
 දැනට සෘජු බදුවලින් සියයට 18යි ලැබෙන්නේ.වක්‍ර බදු සියයට 82ක් ලැබෙනවා. තව වසර දෙකක් වනවිට අපේ ඉලක්කය වී තිබෙන්නේ, මේ තත්ත්වය 60යි 40 දක්වා,වෙනස් කරන්නයි. මේ සඳහා අප විධිමත් බදු වැඩපිළිවෙලක් අප ක්‍රියාතක කරන්නේ. අපි අලුත් ආදායම් බදු පනත හඳුන්වා දුන්නා. අලුත් ආදායම් බදු පනතේ සංශෝධන කීපයක් පාර්ලිමේන්තුවේ දී මේ මාසය තුළ තමුන්නාන්සේලාගේ ඉදිරියට ගේනවා. විශේෂයෙන් ම කලා කරුවන්ට යම් අපහසුතාවයක් සිදුව තිබෙනවා.කුඩා දරුවන්ගේ ගිණුම්වලට යම් බලපෑමක් වී තිබෙනවා.ඒ සියල්ල නිවැරැදි කරන සංශෝධනයන් අගෝස්තු මස තුළ පාර්ලිමේන්තුවට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා.
 
වාහන බද්ද පැනෙව්වේ ඇයි?

සී. සී. 1000 ට වඩා අඩු වාහන වල බද්ද වැඩි කිරීම ගැන විමසීමක් කළා.තිබූ බදු ක්‍රමය වෙනස් කළා. සියලුම වාහනවලට එංජින් ධාරිතාව අනුව බදු අය කරන ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ තුළින් සිදු වූ ජාවාරම් සියල්ලම නවත්වන්නට පුළුවන් වුණා. විශේෂයෙන් මා සී .සී.1000ට අඩු වාහන රුපියල් ලක්ෂ 8කින් පමණ ජනවාරි මස අඩු වුණා. ඒ තුළින් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයාට තම පළමු වාහනය ගන්න අවස්ථාව ලැබුණා.
 
පසුගිය මාස 6 ඇතුළත සුනාමියක් බවට පත් වුණා. ජනවාරි මස සිට මැයි මාසය වන විට සී. සී. 1000ට වඩා අඩු වාහන 24,000ක් ඇවිත් තිබෙනවා. එක් පැත්තකින් කොළඹ රාත්‍රී දොළහටත් මාර්ග තදබදයක් ඇති වෙන්න ගත්තා.
 
ඊට වඩා බරපතල ප්‍රශ්නයක් වුණා,මේ තුළින් අපේ විදේශ විනිමය පිට රටට ගලා ගෙන යන්න පටන් ගත්තා. මේ ආකාරයට ගියා නම් ඇ.ඩො. 167දක්වා වර්ධනය වීමේ අවධානයක් තිබුණා. මේවා කල්පනා කරලයි අප මෙවැනි තීරණයක් ගත්තේ. මේ තීන්දුව අරගෙනත් රාජපක්ෂ රජය යටතේ තිබුණු බද්දට වඩා තවමත් අඩුයි. රාජපක්ෂ රජයටත් වඩා වාහන ලක්ෂ 4කින් ලාභයියැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න