12 වනදා බස් වර්ජනයක් !

12 වනදා බස් වර්ජනයක් !

පෞද්ගලික බස් කර්මාන්තයට බලපාන ප‍්‍රශ්න විසඳන ලෙස බලකරමින් අනිද්දා (12) මධ්‍යම රාත‍්‍රීයේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් සංගම් පවසයි.

ඩීසල් සහනාධාරයක් ලබාගැනීම, මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම අහෝසි කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමය වහා ක‍්‍රියාත්මක කිරීම, අමතර කොටස් සඳහා ඇති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කරයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, සීමාසහිත මගී ප‍්‍රවාහන සමාගම ඇතුළු බස් සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න