ජනතාවගේ බදු මුදලෙන් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා සිය නම යොදා ගැනීමට දේශපාලනඥයන්ට අයිතියක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.
අදාළ සංවර්ධන කටයුත්තේ වටිනාකම ඉතිහාසය කිරා මැන ජනතාව ඊට අදාළ වටිනාකම ලබා දෙනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඉරාන් වික්‍රමරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (10) එක්වෙමිනි.
ප්‍රදර්ශනය මෙම මස 29, 30 සහ 31 වැනි දිනවල මොණරාගල දී පැවැත්වීමට නියමිත ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා -
‘‘වසර හැට හැත්තෑවකට ඉස්සර අපේ රට ආසියාවේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කිවුවා. අපි දෙවැනි වුණේ ජපානයට පමණයි. අද අපි ආසියාවෙ පිටුපසින්ම ඉන්න රටක් බවට පත් වෙලා. මිලියන 21ක පමණ ජනතාවක් අපේ රටේ ඉන්නවා. නමුත් අපි දන්නවා ආසියාවේ සංවර්ධනය වෙලා තියෙන ඇතැම් රටවල එක නගරයක එතරම් පිරිසක් වෙසෙනවා. නිදහස ලබල වසර 70ක් ගත වූ තැන අපි ඉන්නෙ කොතන ද? ඇත්තට ම දේශපානඥයෙක් විදියට මට ලැජ්ජයි කියන්න රැකියා ඉල්ලන්න දේශපානඥයො පස්සෙන් තරුණ තරුණියන්ට යන්න වෙල තියෙන එක ම රට ශ්‍රී ලංකාවයි.
මේ තත්ත්වය වෙනස් කරන්න තමයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙ. ඇයි මෙහෙම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නෙ.
ව්‍යාවසායකත්වය කියන්නෙ අපේ ඇගේ තියෙන දෙයක්. ඉතිහාසය දිහා බලපුවා ම අපට ඒක ඔප්පු කරල පෙන්වන්න පුළුවන්. අපි යුරෝපය වගේ රටවලට තානාපතිවරු යැවුවෙ මීට අවුරුදු 1000 විතර ඉස්සර. ඒ තරම් ශක්තිමත් ව්‍යවසායක පරපුරක් අපට හිටියා. ඒත් අද තත්ත්වය වෙනස්. අද ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගෙන් ව්‍යවසායකන් ඉන්නෙ 2.8%යි. වියට්නාමයේ ඒ ප්‍රතිශතය 19.6%ක්. තායිලන්තයේ 20%ක්. මහා ජනගහනයක් ඉන්න චීනයේ වැඩකරන ජනතාවගෙන් 7.5%ක් ව්‍යවසායකයන්. ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යවසායකන්ගේ සංඛ්‍යාව 230,000ක් පමණයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ මේ ප්‍රමාණය ලක්ෂය දක්වා ඉහළ නැන්වීමයි. ඒ සඳහා තමයි මේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙ. ගම්දනවුවල ඉන්න තරුණ කොටස් මේ රටේ ව්‍යාවසායකත්ව පරපුරට එකත් කිරීම මෙහි අරමුණයි. සංවර්ධනය කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමනේ දී ඔවුන්ගේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මකයි.
සංවර්ධනයට පක්ෂ පාට භේදයක් නෑ. ඈත ගමක දුප්පත් දරුවෙක් විදුලිය නැතුව පාඩම් කරනව නම් පක්ෂ පාට භේදයක් නෑ ඒ දරුවගේ නිවසට අපි විදුලිය ලබා දිය යුතුයි. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් විදියට ඔබ හැම මොහොමතකම ජනතාවගේ ගැටලුව මූලික කරගෙන විනා ඔවුන්ගේ දේශපාලනය මූලික කරගෙන ප්‍රශ්න දෙස බලන්න යන්න එපා.
එදා අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. පසුව කරු ජයසූරිය මහතා යුද්ධයට සහය දක්වන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වෙලා පසුව නැවත එක්සත් ජාතික පක්ෂයට ආව. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ ඉඳල පොදු අපේක්ෂකය වෙලා දැන් ජනාධිපතිතුමා බවට පත් වෙලා ඉන්නවා. අපි එතුමට කියන්නෙ අපේ ජනාධිපතිතුමා කියල. ඒ නිසා සංවර්ධනය වගේ කාරණාවක දී මේ ජනතාවගේ දේශපානය කුමක් ද කියල සොයා බලන්න එපා‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මීට අමතරව දිස්ත්‍රක්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, යුද හමුදා, පොලිස්, විදුලිබල මණ්ඩල, ජල සම්පාදන ඇතුළු රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ සහ ග්‍රාම නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ.සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූහ.{gallery}iran- monaragala{/gallery}

