මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21දා) පෙරවරුවේ සිදුවිය.
කොළඹ 12,අළුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ දී මෙම මහාධිකරණය මෙලෙස විවෘත කල අතර ඒ අනුව අද දින සිට එකී අධිකරණයේ නඩු විභාගයට ගැනෙන බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.
රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ සිදුවූ බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් මෙම අධිකරණය විසින් විභාග කෙරෙන අතර සිය පාලන කාලය පුරාවට රාජපක්ෂවරු විසින් සිදුකරන ලද බරපතල වංචා දූෂණ ක්‍රියාවන් කොතෙකුත් තිබුණත්, ඔවුන් තවමත් සමාජ ඉදිරියේ නිදහසේ කටයුතු කරන්නේ, අධිකරණ කටයුතු නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළේ නැත.
විචාරකයින් සඳහන් කරන්නේ මෙම විශේෂ අධිකරණය ගෙන ඒමේදී ද රාජපක්ෂලා ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් දැක්වුයේ සැබෑ දූෂිතයන් හෙළිදරව්වීමට ඇති බිය නිසා මෙන්ම එවකට සිදුකළ සෑම දුෂණයක් පිටුපසම රාජපක්ෂලා සිටි නිසා බවය.
එසේම මේ වන විට කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගැනීම සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකරන ප්‍රකාශ හරහා ඒ බව හොඳින් තහවුරු වන බවත්, නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීම වෙනුවෙන් ඉතා නින්දිත ආකාරයේ හැසිරීමක් මිස යුක්තිය අගයන, ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේහැසිරීමක් ඒ තුල කොහෙත්ම දකින්නට නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

