බන්ධනාගාර සඳහා STF  ආරක්ෂාව

බන්ධනාගාර සඳහා STF  ආරක්ෂාව

බන්ධනාගාරවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි  පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් ඊයේ(20) පස්වරුවේ කලහකාරී ලෙස හැසිරුණු අතර එහිදි ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු තුවාල ලබා ඇත.

පසුව එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කලහකාරී ලෙස හැසිරුණු කාන්තා රැදවියන් පනස් දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර හැරීමට ද පියවර ගනු ලැබීය.

බන්ධනගාරවල ක්‍රියාත්මක වූ ජාවාරම් මැඩලීමට කටයුතු කිරීමත් සමඟ මෙවැනි කලහකාරී සිදුවීම් ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව අවධාරණය කරන  බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි  ඒ අනුව පෙන්වා දෙන්නේ  තෝරාගත් බන්ධනාගාර කිහිපයක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න