රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක මහගමගේ ගාමිණී මහතාට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(21) ප්‍රතික්ෂේප කර ඇත.
ඒ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මෙම තීන්දුව ගෙන ඇති අතර එහිදී විනිසුරුවරයා සඳහන්කර ඇත්තේ සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් නොමැති බවත් ඒ අනුව සැකකරු ලබන 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත්ය.
එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.
ජපානයේ සිට ආනයනය කළ වසර දහයකට වඩා පැරණි වාහන දෙකක් නිත්‍යානුකූල ආකාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් හිටපු ආනයන හා අපනයන පාලක වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

