හිටපු මහරජාණන්ගේ සමයේ අනුරාධපුර, ඉපලෝගම ප්‍රදේශයේ රණවිරු ගම්මානයක් ඉදිකර එම ගම්මානයේ නිවාස ලබාදුන් රණවිරුවන්ගේන් මුදල් අයකර ගත් බව කී අමාත්‍යවරයා යහපාලන රජය රණවිරුවන් සඳහා ඉදිකරන රණවිරු ගම්මානවල නිවාසවලින් කිසිඳු මුදලක් අයකර නොගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව, කෙහෙල්උල්ල ප්‍රදේශයේ ඉදිකළ “අභිවිරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (20) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 109 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
පාලකයින් දේශප්‍රේමීත්වය, දේශාලය ගැන කතා කිරීමට පෙර තම රටවැසියාගේ ජීවත්වීමේ අයිතිය, වරප්‍රසාද ආරක්ෂා කිරීම සහ ජනතා ගැටළුවලට විසඳුම් ලබාදීම සිදුකළ යුතු බවත්, එවිට සැබෑ දේශප්‍රේමීත්වය ඉබේම ඉස්මතු වන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
යහපාලන රජය යටතේ රණවිරුවන් අනතුරේ බව රටේ දේශප්‍රේමීත්වයේ කප්පිත්තා වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවද, පසුගිය රජය සමයේ අසන්නට ලැබුණු රණවිරු දඩයම, යුධ අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවන් යන ගෝනිබිල්ලන් පිළිබඳව අද අසන්නට ලැබෙනවාද කියා එම කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ගෙන් තමන් ප්‍රශ්න කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
ජනතාවට ලබාදීමට තිබූ නිවාස හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වන විමල් වීරවංශ එදා තම පවුල සහ හත්මුතු පරම්පරාව ගැන සිතා ඔවුන්ට ලබාදීම දේශප්‍රේමීත්වයක් නොව අමුතුම පවුල් ප්‍රේමීත්වයක් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පාලකයින් දේශප්‍රේමීත්වය, දේශාලය ගැන කතා කිරීමට පෙර තම රටවැසියාගේ ජීවත්වීමේ අයිතිය, වරප්‍රසාද ආරක්ෂා කිරීම සහ ජනතා ගැටළුවලට විසඳුම් ලබාදීම සිදුකළ යුතු බවත්, එවිට සැබෑ දේශප්‍රේමීත්වය ඉබේම ඉස්මතු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

