35ට අඩු නීතිය හකුලයි !

35ට අඩු නීතිය හකුලයි !

අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 

කැබිනට් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන්ට කුලී ගමන් තහනම් කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත්වූ අතර එහෙත් ඒ පිළිබඳ  මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු විරෝධය දක්වා ඇත. 

මෙවැනි නීතියක්  ගෙන ඒමෙන් කෙනෙකුට තමත් කැමැති රැකියාවක් කිරීමට තිබෙන අයිතිය අහිමි වෙනවා පමණක් නොව වයස සීමාවක් පැනවීමෙන්  තරුණයින්ට ත්‍රීරෝද රථයක් පැදවීමට තිබෙන අවස්ථාවද අහිමි වන බව මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයිද  වාර්තාවේ.

එබැවින් කළ යුත්තේ ත්‍රීරෝද රථ රියදුරන්ට වයස සීමා පැනවීම නොව ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීම යැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා ඇති බව වාර්තා විය.

එහිදී අදහස් දක්වා ඇති නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා මෙවැනි නීතියක් ගෙන ඒමට හේතුවුයේ අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන් අතින් විශාල ලෙස අනතුරු සිදුවීමත් ඵලදායක ලෙස යෙදවීමට හැකි තරම් ශ්‍රමය මෙවැනි දේට යෙදවීම රටේ ආර්ථිකයට ඝෘජුව බලපෑමක් කරන නිසා බවද  සඳහන් කර ඇත. ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න