යාපනය කන්කසන්තුරය අවතැන් ජනතාවට මුල් ඉඩම් පවරාදෙයි

යාපනය කන්කසන්තුරය අවතැන් ජනතාවට මුල් ඉඩම් පවරාදෙයි

වසර තිහකට පසුව යාපනය අවතැන් ජනතාව වෙත සිය මුල් ඉඩම් අක්කර 4.20 ක ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී සිදුවිය.

යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරු තුළ හා වෙනත් ස්ථානයන් ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි පිරිස් වෙනුවෙන් අදාළ ජනතාව පදිංචිව සිටි ජේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම මෙහිදී සිදු කෙරිණ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න