මහින්දගේ මස්සිනාගෙන් පැය 8ක ප්‍රකාශයක් !

මහින්දගේ මස්සිනාගෙන් පැය 8ක ප්‍රකාශයක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අයගෙන්  ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ  නිලධාරීන්  අද (23)  පැය 08 කට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසම විසින් නිකුත් කරන ලද නොතිසියකට අනුව නිශාන්ත වික‍්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන  අද පෙරවරු 8.30ට පමණ කොමිසම හමුවේ පෙනීසිට ඇත.

ඉන් අනතුරුව ඔවුන් කොමිසමේ විමර්ශන අංශයට කැඳවාගෙන ගොස් එහිදී ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම අරඹා ඇති අතර  දිවා ආහාර ලබාගැනීමෙන් පසුව  නැවතත් කොමිසමේ විමර්ශන නිලධාරීන්  කපිල චන්ද්‍රසේනගෙන් පස්වරු 2.30 පමණ දක්වාත් නිශාන්ත වික‍්‍රමසිංහගෙන් පස්වරු 4.00 පමණ දක්වාත් ප‍්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න