රාජපක්ෂ පාලන සමයේදී මෙරට රජයට රුපියල් බිලියන ගණනක මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට චෝදනා ලබා ඇති එන්ට්‍රස්ට් සිකියුරිටී සමාගමේ (ENTRUST SECURITIES PLC) අධ්‍යක්ෂවරයෙකු වූ ඉසිර ධර්මප්‍රිය දිසානායක වෙත කඩුවෙල උසාවිය අද (23) වරෙන්තු නිකුත්කර ඇත.
වාර්තා වන ආකාරයට ඒ කඩුවෙල උසාවියේ විභාගවන CSN නාලිකාවට අදාළ නඩුව සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අවස්ථා කිහිපයකදී ඔහු කැඳවා ඇති නමුත් විවිධ හේතු දක්වමින් එය මඟ හැරීමට කටයුතු කර ඇති නිසාය.
වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලින් අනාවරණ වන්නේ රජයේ මුදල් රුපියල් මිලියන 4223 ක මුදලක් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අදාළ එන්ට්‍රස්ට් සිකියුරිටී සමාගමේ මුදල් ද CSN නාලිකාවට නිකුත්කර ඇති බවය.
ඊට අනුව CSN නාලිකාව සංවිධානය කළ කාල්ටන් රග්බි තරගාවලියේදී වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ යෝෂිත රාජපක්ෂ වෙත කොන්ත්‍රාත් ගත මුදල ලෙස රුපියල් ලක්ෂ 10ක් සහ බෝනස් දීමනාවක් ලෙස තවත් ලක්ෂ 6ක් ලබාදීමට ඉසිර මැදිහත්ව ඇත.
තවද මෙම ලක්ෂ 16 ක මුදල යෝෂිත රාජපක්ෂගේ ගිණුම් වල සඳහන්ව ඇති නමුත් එන්ට්‍රස්ට් සිකියුරිටී සමාගමේ ගිණුම් වල සඳහන්ව නොමැති බවද විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඉසිර කැඳවා ඇත්තේ අදාළ ගෙවීම් සිදුකල ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමටය. මීට පෙර ඒ සඳහා පැමිණෙන ලෙස දන්වා තිබුණත් රෝගී තත්ත්වයක් දක්වමින් ඉසිර අද (23) දිනය ඉල්ලගෙන ඇති අතර නමුත් ඔහු අද ඒ සඳහා පැමිණ නැත.
ඇපත් නැතිවෙයිද ?
මේ වන විටත් ඉසිර ධර්මප්‍රිය දිසානායක ඇතුළු එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිටින්නේ ඇප මතය. ඒ එන්ට්‍රස්ට් වංචාවට අදාලව දින 37ක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසුවය.

