සීමානීර්ණ කමිටු වාර්තා විවාදය අද : එජාපය විරුද්ධයි 

සීමානීර්ණ කමිටු වාර්තා විවාදය අද : එජාපය විරුද්ධයි 

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද(24) පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි.

එම විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්  ප්‍රකාශ කර සිටින්නේ  සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවය. එසේම අමාත්‍ය මනෝ ගනේෂන්ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ සීමානීර්ණ වාර්තාවට විරුද්ධ බවය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර  ද ප්‍රකාශ කළේ විපක්ෂය ඉල්ලා සිටින්නේ මිශ්‍ර ක්‍රමයක් බවය.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ නව ඡන්ද ක්‍රමයට කැමැත්ත පළ කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කර සිටියි.

මේ අතර සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම වැලැක්වීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න