අතුරුදහන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 කොළඹදී !

අතුරුදහන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 කොළඹදී !

අතුරුදහන්වූවන්  පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දින ප.ව 3.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුමට සමගාමීව ඒ පිළිබඳව දැනුවත් කිරීමට මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (23)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවාණාගාරයේදී එහිදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙම සැමරුමෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩගම විසිනි. 

2018 මාර්තු මාසයේදී ජාත්‍යන්තර අතුරුදහන් කිරීමට එරෙහි ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කිරීමෙන් පසුව 2018 පාර්ලිමේන්තු පනත සම්මත කර ගැනීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018 පෙබරවාරි මාසයේ අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව පත් කරන ලදී. 

මේ වනවිට අතුරුදහන් වීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳ සිද්ධීන් දහස් ගණනක් උතුරු දකුණ ලෙස වෙනසක් නොමැතිව වාර්තා විය. 

71 කැරැල්ල, 88/89 භීෂණ කාලය ඒ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ යුද්ධයේදී සහ යුද්ධයෙන් පසු අතුරුදහන් වීම් සිදු වී ඇත. 

මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර සංහිදියාව ඉදිරියට ගෙන යෑමට නම් මේවැනි සිදුවීම් වළක්වා ගත යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මාධ්‍ය හමුවේ පැවසිය.

අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමේ කොමිසමේ අරමුණ වන්නේ අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීම හා ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න පිළිබදව සොයා බැලීමයි. 

වින්දිතයන් පිළිබඳ ප්‍රශ්න හා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මෙම කමිටුව තුළ සාක්ෂි විමසීමක් සිදු නොකරෙන අතර අදහස් විමසීමක් පමණක් සිදු කර තිබේ. 

මේ වෙන විට පවුල් 2000කට ආසන්න සංඛ්‍යවක් අතුරුදහන් වූවන් පිළිබඳ කමිටුවට කැඳවා අදහස් ලබාගෙන තිබෙන බවත් ඒ සම්බණ්දයෙන් වාර්තාවක් සකස් කර 30 දින එළිදැක්වීමට නියමිත බව ද ජනාධිපති නීතිඝ්න සාලිය පීරිස් මහතා පැවසීය.

මීට අමතරව මන්නාරම් සමූහ මිනීවළවල් සම්බන්ධයෙන්ද සාලිය පීරිස් මහතා අදහස් දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් තම ආයතනය සෘජුව මැදිහත් වී සොයා බලන බවත් මීට අමතරව මූල්‍ය දායකත්වයද තම ආයතනයෙන් ලබා දීමට කටයුතු කරන බවත් පැවසිය. 

එහි කාලය නිර්ණය කිරීම අධීක්ෂණය කිරීමේ කටයුතු වලට සහයෝගය දක්වන බවද පැවසීය.

මිනී වළවල්වල තිබෙන සැකිළි හඳුනගෙන එය ඥාතින්ට භාර දීමට සහය වන බවද සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න