බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද(24) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එවකට කාර්යමණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද විභාගයට ගැනීමට නියමිතය.
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.

