බදාදා (29) සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් !

බදාදා (29) සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් !

ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවීමෙන් පසුව  ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. 

“සරත් අමුණුගම අමාත්‍ය කමිටුව ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන තෙක් මාස දෙකක් ඉවසන්නැයි" ජනාධිපතිවරයා පැවසූ බවත් ඒ පිළිබඳ දුම්රිය වෘත්තීය සමිති තෘප්තිමත් නොවුයෙන් මෙම අඛණ්ඩ වැඩවර්ජනය කැඳවූ බවද   දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතියේ  ලේකම් කමල් පීරිස් සඳහන් කරයි.

ඊයේ  (23) රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය දියත් කිරීමට සූදානම් වුවත් දුම්රිය මගීන් ‘ඇසළ පෙරහැර’ නැරඹීමට ගමන් කිරීමට නියමිත බැවින් සහ උසස් පෙළ සිසුන්ගේ පහසුව සලකා බලමින් වර්ජනය ලබන බදාදා (29) වැනිදා දක්වා කල් දැමූ බවද ඔහු පවසයි.“දළදා පෙරහැර පැවැත්වෙනවා.

උසස් පෙළ විභාගය අවසන් නැහැ. ඒ නිසා අපට කිසිවකුත් ප්‍රාණ ඇපයට ගන්න හෝ කප්පක් ගන්න හෝ යොදාගන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය ලබන බදාදා (29) මධ්‍යම රාත්‍රියේ දී දියත් කරන්න තීරණය කළා” යැයි හෙතෙම පවසා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න