අර්ජුන් මහේන්ද්‍රන් රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි !

අර්ජුන් මහේන්ද්‍රන් රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (23) මේ බව අනාවරණය වුයේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ  නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට සිදුකළ කරුණු දැක්වීමේදීය. 

ශ්‍රී ලංකා අධිකරණයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය සහිත වරෙන්තුවේ සහ ඊට අදාළ සවිස්තර වාර්තාවල පිටපත් එම සැකකරු සිංගප්පූරුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඉල්ලා ඇති බවත් ඒවා ඔහු වෙත ලබාදීම සුදුසුදැයි ජාත්‍යන්තර පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවත් එහිදී  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මෙසේ පැවුසවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය කළ විමසුමකට පිළිතුරු දෙමිනි. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 

මෙම සැකකරු උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණයේ පවතින නඩු ගොනුවේ සහතික කළ සම්පූර්ණ පිටපතක් ගාස්තු රහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරිය ඉකුත් අප්‍රේල් මස 27 වැනි දා අධිකරණයේ රෙජිස්ටාර්ට නියෝග කර තිබිණි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටිනා බවට නිරීක්ෂණය කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න