බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ වෙත ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පුද්ගලයින් 4 දෙනා අද (24) ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
ඔහුට ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව ඔහු අද දිනයේ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ වෙත ඉදිරිපත් කෙරිණි.
බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය ලෙස අද (24) මෙම නඩුව විභාග කෙරිණි.
එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
එමෙන්ම විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදිය යුතු බවට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව වාර්තා වේ.

