පොදු අපේක්ෂක ක්‍රමයට ෆොනී විරුද්ධයි

පොදු අපේක්ෂක ක්‍රමයට ෆොනී විරුද්ධයි

2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් පොදු අපේක්ෂක ක්‍රමය ඉවත්කළ යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසා ඇත.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන්කර තිබේ.

2020 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය පවා තනිව තරග වැදිය යුතු බවත්, දේශපාලන සංස්කෘතිය තුළ පොදු අපේක්ෂක සංකල්පය අතුගා දැමිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී  ඇත.

එසේම මහින්ද රාජපක්ෂ යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනතා පැතුමට එරෙහි වන බවත්, ඔහු සැමදා දේශපාලන හිඩැස්වලින් රිංගා ඒමට උත්සහ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ජනතා අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාව වෙනස් කළ බවත්, එයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපතිධූරයට තරග කිරීමට නීතියේ සහය පැතීම කිසි විටෙකත් රට ගැන සිතා කරන ක්‍රියාවක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න