කුප්‍රකට මිග් යානා මූල්‍ය අක‍්‍රමිකතාව සම්බන්ධව චෝදනා ලබා සිටින රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු වාර්තා සහ ලේඛන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න බැංකු 19 කට සහ මුල්‍යායතන 46ක කළමණාකරුවන් වෙත නියෝග කර තිබේ.
මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඒ අනුව, උදයංග වීරතුංග, උමා ඉන්දුමතී වීරතුංග, ඩයනි නිරෝෂා වීරතුංග, කමනි කේමා වීරතුංග, ලලිතා ඉන්ද්‍රානි මනම්පෙරුම සහ ලෙලූම් දුමින්ද මනම්පෙරුම යන අයවලූන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වන වාර්තා ඊට අදාළවේ.
එසේම, මෙම අපරාධයෙන් උපයාගත් මුදල් මෙහි ප‍්‍රධාන සැකකරු ගේ සහ ඔහුගේ ඥාතීන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොලේ මධ්‍යම තැන්පතු ගිණුම් පද්ධතියේ මුදල් ආයෝජනය කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත ලබා දෙන ලෙසටද මහෙස්ත‍්‍රාත්වරිය කොටස් වෙළෙදපොළ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාටද නියෝගයක් නිකුත් කර ඇත.

