වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත්දෙනෙකුට එරෙහිව ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරා ඇති බව වාර්තා වෙයි.
පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීතී සංත‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩු පැවරීම සිදුකර ඇති අතර ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ලෙස එය සටහන්ව ඇත.
ගෝඨාභය රාජපක්‍ෂට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.

