CSN නාළිකාව (කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්) මුදල් අවභාවිත කරමින් මුදල් විශුද්ධිකරණ පනතට අනුව වරදක් කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින වෙස්ටන් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂවරයා වන ඉසිරි ධර්මප්‍රිය දසනායක යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (23දා) මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
මෙම නඩුවට අදාළව මීට ඉහත නඩුවාර දෙකකදී අධිකරණය කර තිබූ නියෝගයකට අනුව එම සාක්ෂිකරු පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ, යෝෂිත රාජපක්ෂ, සී.එස්.එන්. ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්ෂවරුන් වන රොහාන් වැලිවිට, ශාඩියා ඉල්හාම් ෂානුත් කරුණාජීව, හර්ෂණ පුෂ්පකුමාර පෙරේරා, කාල්ටන් නෙට්වර්ක් සමගම, රාජපක්ෂ අනුස්මරණ පදනමයි.
මෙම නඩුව ලබන 23 දින යළි කැඳවීමට නියමිතය.
සී.එස්.එන්. ආයතනය ස්ථාපිත කිරීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234ක ප්‍රාග්ධනය අතරින් කෙටසක් ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම, කූට ලේඛන සකස් කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදුකර ඇති දුෂිත ගනුදෙනු යනාදී චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇත.

