යෝජනාව ගෙනා ෆයිසර් ඇමතිත් : සීමානීර්ණ වාර්තාවට විරුද්ධයි !

යෝජනාව ගෙනා ෆයිසර් ඇමතිත් : සීමානීර්ණ වාර්තාවට විරුද්ධයි !

විෂය භාර අමාත්‍යවරයා වුවත් පළාත් සභා කොට්ඨාශ සීමා නිර්ණ වාර්තාවට තමාද  විරුද්ධ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා පවසා ඇත.

අද(24) පාර්ලිමේන්තුවේ පැවති පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වමින් ෆයිසර් අමාත්‍යවරයා මෙසේද සඳහන්කර ඇත.

“මේ වාර්තාවේ අඩුපාඩු තියෙනවා. මේක මම හදපු වාර්තාවක් නෙවෙයි. වාර්තාව හැදුවේ ජනාධිපතිතුමා පත් කරපු කමිටුවක් විසිනුයි. මම දන්න නීතියට අනුව මේ වාර්තාවට අදාළව විවාදය පැවැත්වීමේ මාස පහක පරක්කුවක් තියෙනවා. මම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මාර්තු 8 වැනිදායි.

 මේ වාර්තාවට අද ඕනෑම කෙනෙකුට පක්ෂ වෙන්නත් විරුද්ධ වෙන්නත් පුළුවන්. අභියාචනා ක්‍රියාදාමයේ අයිතිය මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාට ම තියෙනවා. පනතේ වගන්ති මම උල්ලංඝණය කරලා නැහැ. වාර්තාව මම සභාගත කළා. පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්නේ මම නෙවෙයි. ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් අපට නැහැ.”

TNA සහ  මුස්ලීම් කොංග්‍රසයත්  සීමානීර්ණයට විරුද්ධයි !

මේ අතර පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයද පැවසීය.

එහිදී විවාදයට එක්වෙමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන්කර සිටියේ  මෙම සීමානිර්ණ කමිටු වාර්තාවෙන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණක් වන බැවින් තමන් ඊට විරුද්ධ වන බවය.

මේ අතර අමාත්‍ය රවුෆ් හකීම්ද පැවසුයේ  සුළු ජාතික  පක්ෂ වලට දැඩි අසාධාරණයක් වන හෙයින්  මෙම වාර්තාව සභාව ප්‍රතික්ෂේප කළ යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න