රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගත්තේ ඔහුගෙන් පළිගැනීමට නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සභානායකවරයා මේ බව සඳහන් කල අතර විගණකාධිපතිවරයාගේ වැටුප ඉවත්කරගත් යෝජනාවේ සඳහන් ආකාරයට වඩා වැඩිකිරීමේ වෙනත් යෝජනාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් එහිදී සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා පවසා ඇත්තේ විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අද ඉවත්කර ගැනීම පිළිබඳ විවධ අදහස් පළ වී ඇති නමුත් ඔහුගේ වැටුප මීට වඩා වැඩි කිරීමට වෙනත් යෝජනාවක් ඉදිරියේ දී ගෙන ඒමට මිස පළිගැනීමක් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

