‘තුරුලිය වෙනුවෙන් අපි’ - යුද හමුදාව ටොප් ක්ලාස් වැඩක !

‘තුරුලිය වෙනුවෙන් අපි’ - යුද හමුදාව ටොප් ක්ලාස් වැඩක !

පරිසර හිතකාමී ජනතාවකට ආමන්ත්‍රණය කරන තවත් වැදගත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක් දිගින් යුක්ත දක්ෂීණ අධිවේගි මාර්ගය දෙපස ‘තුරුලිය වෙනුවෙන් අපි’ තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක්  ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ආරම්භ කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහන දියත් කරනු ලැබු අතර මෙහි සමාරම්භක උත්සවය ඊයේ  (23) අතුරුගිරිය අධිවේගි මාර්ග පිවිසුම අසලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

තවද මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දීලිත් ජයවීර මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ , දෙරණ මාධ්‍ය ජාලයේ සමකළමණාකාර අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම , දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි මාධව මඩවල , දෙරණ මාධ්‍ය ජාලයේ සහකාර සාමාන්‍යාධිකාරි ප්‍රවෘත්ති වසන්ති නානායක්කාර , 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, කෘෂීකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.කේ.ඒ.බී. ගුණරත්න ඇතුළු නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් විසින් අතුරුගිරිය අධිවේගි මාර්ග පිවිසුම දෙපස පළමුව පැළ රෝපණය කළහ. යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබීය. 

තවද කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගය දෙපස අධියර කිහිපයක් යටතේ අදාළ ප්‍රදේශයන්හි භට පිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය
 
මෙම වැඩසටහන යටතේ පැළ 25,000 ක් පමණ රෝපණය කිරීමට නියමිතය.

1534995769 Thuruliya Wenuwen Api L

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න