අර්ජුන පිල් මාරුවකට සූදානමින් !

අර්ජුන පිල් මාරුවකට සූදානමින් !

වත්මන් ජනපති - අගමැති යටතේ හෝ වෙනත් දේශපාලන නායකත්වයක් යටතේ වුවද ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට තමන් සූදානම් බව ඛණිජ තෙග් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි ආණ්ඩුවක් පැමිණි අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන බවත් තමන් මාස 6 ක් තුළ එම කටයුත්ත සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රීඩා අමාත්‍යවරුන් වගකිව යුතු බවද පැවසු අමාත්‍යවරයා ලංකාවේ ක්‍රිකට් ගැන කතා කිරීමට අනෙක් කාටත් වඩා හැකියාවක් තමන්ට ඇති බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න