යෝජිත පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූවද, පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ඉඩ නොතබන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (25) පැවති මාධ්‍ය හමුවලදී සඳහන් කළේ, පැරණි සමානුපාතික මැතිවරණ ක්‍රමයට ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම තම අපේක්ෂාව බවය
එළඹෙන පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණ වාර්තාවට ඊයේ (24) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දය හිමි නොවීම නිසා පරාජයට පත් විය.
ඡන්ද විමසීමට පෙර පැවති විවාදයේදී විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාද සඳහන් කළේ අදාළ සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
ඒ අනූව විෂය භාර ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු මන්ත්‍රීවරු 139ක් වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර වාර්තාවට පක්ෂව කිසිවෙකුත් ඡන්දය ප්‍රකාශ කර සිටියේ නැත.
මෙහිදී ආණ්ඩුවේ සියලුම පාර්ශ්ව මෙන්ම ඒකාබද්ධ විපක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

